උදාව තිබෙන්නේ 2016 වර්ෂයයි. යලිත් ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති
රේනෝ සිල්වා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව දෙවනිවරටත් ”Hiru Golden Film Awards 2016” සැත්තැම්බර් 11 දින සවස 5.00 ට නෙලූම් පොකුණ රඟහලේ දී ජාත්‍යයන්තර ප්‍රමිතියෙන් යුතුව යලිත් පැවැත්වීමට සුදානම් වන බව සතුටින් දන්වා සිටිමු.
මෙවර ”Hiru Golden Film Awards 2016” සදහා 2014-2015 දෙවසර තුල මෙරට තිරගතවූ චිත්‍රපට 40 ක් සමග කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් 150 දෙනෙකුගේ කෙටි චිත්‍රපට සම්මාන සදහා විනිශ්චයන්ට ලක්වන අතර, එහිදි කලාත්මක ,ජනප්‍රිය සහ විශේෂ සම්මාන 40ක් ප්‍රධානය කිරීමට නියමිතය.
මෙහිදී ජනප්‍රිය සම්මාන සදහා ජනතා මනාපය යටතේ තොරා ගැනීමට නියමිතය. එය කෙටි පණිවිඩයකින්, ඕනෑම දුරකතන ඇමතුමකින් මෙන්ම
www.hirugoldenfilmawards.lk වෙබ් අඩවිය මගින් ද ලබාදීමට සිනමා සම්මාන උළලේදී ප්‍රේක්‍ෂක ජනතාවට අවස්ථාව උදාවෙයි.
සැත්තැම්බර් 11 වන දින නෙළුම් පොකුණේ දී පැවැත්වෙන ”Hiru Golden Film Awards 2016” අති උත්කර්ෂවත් සිනමා සම්මාන උළෙලේදී, 2014 වසරේදී Hiru Golden Film Awards සම්මාන උළෙලට පැමිණි බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියම තාරකාවන් වන අනිල්කපුර්, සුනිල්ෂෙට්ටි, විවේක් ඔබ්රෝයි, බිපාෂා බාසු, අල්කා යාග්නික්, නේහා දුපියා මෙන්ම මෙවරත් ජනප්‍රිය තාරකාවන් වන මධුරි ඩික්සිත්, ශ්‍රීදේවි, ජැකී ෂේරෝෆ්, කරිෂ්මා කපුර්, නීල් නිතින් මුකේෂ්, සුනිල් ශෙට්ටි Hiru Golden Film Awards 2016 සම්මාන උළෙල වර්ණවත් කරමින් සහභාගි වීමට නියමිතයි .
එතෙර මෙතර ජනප්‍රිය තාරකාවන් රැසක් පායමින් ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ ස්වර්ණමය ස්වරූපය යලිත් වරක් වර්ණවත් කරමින් ලාංකීය සිනමාවේ සියළුම විෂයන් අභිෂේක ගන්වමින් රන් සම්මානයන් පිදීමට ”Hiru Golden Film Awards 2016” සියල්ල සුදානම්කර ඇතිබව ඔබට දන්වමු.
මෙවර Hiru Golden Film Awards 2016 දී විශිෂ්ඨයින් සඳහා පිදුම් ලබන රන් සම්මාන කාණ්ඩයන් පහත පරිදිය....
හොඳම නිෂ්පාදන සැලසුම්කරණය
හොඳම දෘශ්‍ය ප්‍රයෝග
හොඳම වේශ නිරුපණය
හොඳම කළා අධ්‍යක්ෂක
හොඳම ඇදුම් නිර්මාණ ශිල්පියා
හොඳම ගීත රචකයා
හොඳම පසුබිම්සංගීත අධ්‍යක්ෂක
හොඳම පසුබිම් ගායිකාව
හොඳම පසුබිම් ගායකයා
හොඳම නර්තන වින්‍යාසය
හොඳම ප්‍රතිවීර චරිතය
හොඳම ප්‍රහසන රංගනය
හොඳම සටන් අධ්‍යක්ෂක
ජනප්‍රියම ළමා රංගනය
ජනප්‍රියම නිළිය
ජනප්‍රියම චිත්‍රපට ගීතය
ජනප්‍රියම චිත්‍රපටය
හොඳම කෙටි චිත්‍රපටය
මතු බලාපොරොත්තු තැබියහැකි චිත්‍රපටි අධ්‍යක්ෂක
මතු බලාපොරොත්තු තැබියහැකි චිත්‍රපටි නිළිය
මතු බලාපොරොත්තු තැබියහැකි චිත්‍රපටි නළුවා
හොඳම ශ්‍රව්‍ය සැලසුම්කරණය
හොඳම සංස්කරණය
හොඳම තිරරචනය
හොඳම කැමරාකරණය
හොඳම චිත්‍රපට අධ්‍යක්ෂක
හොඳම නිළිය
හොඳම නළුවා
හොඳම චිත්‍රපටය
හොඳම සහය නළුවා
හොඳම සහය නිළිය
හිරු ජීවන උත්තමාචාර සම්මානය
ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන - අති උත්කෘෂ්ඨ හිරු ජීවන ප්‍රයාම සම්මානය - හා ජූරියේ විශේෂ සම්මාන ඇතුළුව හිරු රන් සම්මාන 40 කින් ඒ රාත්‍රියේදී සිනමාවේ විශිෂ්ඨයින් පිදුම් ලබයි.