The Host 2014
හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළෙල වෙනුවෙන් හිරු අපි

ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාවේ පිටු එකිනෙක පෙරලා බලද්දී ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගයක සිනමාකරුවන්ගේ ප්‍රහර්ෂය අතිශය සම්භාවනීයයි,වින්දනියයි.සිනමා ශාලාවල් පිරි ඉතිරී යන තරම් ප්‍රේක්ෂක ආකර්ෂණය උන්මාදයයි .

එකල ලාංකීය සිනමා තිරය අරා නැගී සිටි මහා රංගන ශිල්පීන් වූ ගාමිණි ෆොන්සේකා ,විජය කුමාරතුංගයන් ,මාලනී ෆොන්සේකා ,ටෝනි රණසිංහ ,අනෝජා වීරසිංහ ,ස්වර්ණා මල්ලවාරච්චි වැනි අතිශය ජනාදරයට පත් රංගනවේදීන් මෙන්ම H R ජෝතිපාල වැනි ගායකයන් සිනමා ගීත ගායනය ලාංකීය සිනමාව ප්‍රේක්ෂක උන්මාදනීය ආකර්ශනයක් දක්වා ගෙන ගොස් තිබිණ .

එහෙත් වර්තමානය වන විට ලාංකීය සිනමාව පිළිබදව තිබෙන මතය වෙනස් ආකාරයකින් සමාජ ගත වී තිබෙයි .
ඒ නිසාම පැවති උත්කර්ෂවත් සිනමා සම්මාන උළෙලවල් පවා අද සිනමා කර්මාන්තය තුල දක්නට නැත .එහෙත් ලාංකීය සිනමාව තුල අති දක්ෂ අධ්‍යක්ෂකවරුන් උද්යෝගිමත් නිෂ්පාදකවරුන් මෙන්ම රංගන ශිල්පීන්ද කාර්මික ශිල්පීන්ද සිටිති.

එවන් පසුබිමක් ඔස්සේ විමසා බැලීමේදී ලාංකීය ටෙලිවිෂන් වංශ කතාව නැවත ලියු හිරු ටීවී නාලිකාව සියලු නාලිකාවන් අභිබවා සිය විකාශන කාලයෙන් වැඩි ප්‍රමාණය සිනමාව සදහා වෙන් කර තිබීමද මතක් කරන්නේ මහත් අභිමානයෙනි .

හිරු ටිවී අප විසින් ලාංකීය සිනමාවේ හෙට දවස වෙනුවෙන්ද ,ලෝක සිනමාවේ නූතන හැඩය ලාංකීය සිනමාවට ලබාදීම වෙනුවෙන්ද යෝධ පියවරක් තැබීමට සුදානම්.
හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළෙල වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම සම්මාන උළෙල පළමු වරට 2014 වසරේදී ආරම්භ වන අතර එහිදී සම්මාන උළෙල සඳහා සහභාගී කරවා ගන්නේ 2012-2013 වසර වලදී ලාංකීයසිනමා ශාලාවල තිරගත වූ සිනමාපටය .
ඒ සඳහා මේ වන විට විනිශ්චය සඳහා සිනමා පට 30 ලබා දී තිබෙන අතර එයට අමතරව 2012-2013 වසරවල මෙරට නිර්මාණය කළ කෙටි චිත්‍රපට 100ක් ද මෙයට ඇතුලත්ය.

හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළෙල මුලික වශයෙන් එක දිනයකින් අවසන් වන සිනමා සම්මාන උළෙලක් නොවන අතර ඒ සඳහා පූර්වාදර්ශයට ගෙන ඇත්තේ ජාත්‍යන්තර සිනමා උළෙලවල් සඳහා යොදා ගන්නා ආකෘතින්ය .

ඒ අනුව මෙය ලාංකීය සිනමාව උදෙසා ලාංකීය භුමිය තුල පැවැත්වෙන අන්තර්ජාතික මට්ටමේ පළමු සිනමා සම්මාන උළෙල වනු ඇත .
හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළෙලට සමගාමී හිරු ටිවී නාලිකාව ඔස්සේ සම්මාන උළෙලට සහභාගී වන සිනමාපට පිලිබදව ටෙලිවිෂන් වැඩසටහනක් ROAD TO FESTIVAL නමින් විකාශය කරන අතර විනිශ්චයෙන් පසුව සම්මාන සඳහා නිර්දේශිත වන සිනමාපට ආශ්‍රිතව සිනමා සතියක් ඔක්තෝබර් මසදී පැවැත්වීමටද කටයුතු යොදා තිබෙයි.

හිරු ගෝල්ඩන් සිනමා සම්මාන රාත්‍රීය සඳහා ජාත්‍යන්තර ආකර්ශනය දිනාගත් රංගන ශිල්පීන් සහභාගීවන අතර ඔවුන් රැගුමින් ගැයුමින් සම්මාන රාත්‍රීය වර්ණවත් වනු ඇත.

හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළෙල වෙනස් ආකාරයක වෙනස් අත්දැකීමකට සුවිශේෂී සම්මාන උළෙලකි.
ගෞරවාන්විත සම්මානය උපරිම සිනමා ශිල්පීන්ට ලබා දෙන සම්මාන උළෙලකි.

හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළෙල..

ලාංකීය සිනමාවේ හෙට දවස .......
Top